අලුත්ම ක්‍රමයට මෙරටට ගෙන්වූ වාහන නිදහස් කරන හැටි

Manusha Nanayakkara Sri Lanka Electric Vehicle
By Sewvandhi Mar 10, 2023 11:55 AM GMT
Report

ඊයේ(9) සිට විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් තීරු බදු සහනයක් සහිතව විදුලි වාහන ආනයනය කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබේ. මෙලෙස මෙරටට ගෙන්වන ලද වාහන රේගුව විසින් නිදහස් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

විදෙශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසා ඇත්තේ පසුගිය වසර අවසානය වනවිට විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 475 දක්වා වර්ධනය වී ඇති බවය.

එලෙස විදේශ ප්‍රේෂණ වැඩිවීමට මෙම වැඩපිළිවෙල ඉවහල් වී ඇති බවද අමාත්‍යවරයා පවසා ඇත. විදේශගත ශ්‍රමිකයින්ගේ මුදල් මෙරට එවීමේදී නීත්‍යානුකූල ලෙස එවන අවස්ථාවන්හිදී එම ප්‍රමාණය මත පදනම්ව විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවිය.

එහිදී අදාළ ශ්‍රමිකයා විසින් මෙරට එවන මුදල් ප්‍රමාණයෙන් අඩකට සමාන CFI වටිනාකමක් සහිත විද්‍යුත් වාහන ගෙනෙවීම සඳහා එමගින් අවසර හිමිවිය. එසේම අදාළ විද්‍යුත් වාහන ගෙන්වීමේදී ගෙවිය යුතුවන බදු මුදල් විදේශ ව්‍යවහාර මුදල් ඒකකයකින් ගෙවීමද සිදුකළ යුතු විය.

විදේශ රැකියා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම වැඩපිළිවෙල සඳහා විදෙස් ශ්‍රමිකයින්ගෙන් සුබවාදී ප්‍රතිචාර ලැබී ඇති බවය.


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now