ඉන්දියානු සාගරයේ 6.5ක ප්‍රබල භූමිකම්පාවක්
ඉන්දියානු සාගරයේ මොරිෂස් සහ රියූනියන් (Mauritius / Reunion) කලාපයේ අද (24) පස්වරුවේ රික්ටර් මාපකයේ 6.5ක විශාලත්වයකින් යුත් භූ චලනයක් සිදුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
අද පස්වරු 4.36ට පමණ සිදුව ඇති මෙම භූ චලනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් (අක්ෂාංශ 17.78S සහ දේශාංශ 65.82E) හටගෙන ඇති බව එම මධ්‍යස්ථානය පස්වරු 5.10ට නිකුත් කළ භූ චලන නිවේදනයේ සඳහන් වේ.
භූ චලනයේ මූලික තොරතුරු විශාලත්වය: රික්ටර් මාපකයේ 6.5 සිදුවූ ස්ථානය: ඉන්දියානු සාගරය (Mauritius / Reunion කලාපය) දිනය සහ වේලාව: 2026 නොවැම්බර් 24, පස්වරු 04.36 ගැඹුර: කිලෝමීටර් 10 වෙරළබඩ ජනතාව වෙත කෙරෙන දැනුම්දීම
මෙම භූ චලනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාව විමසිලිමත්ව සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මේ සම්බන්ධයෙන් නිකුත් කෙරෙන ඉදිරි නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, නවතම තොරතුරු සියලු මාධ්‍ය මඟින් ජනතාව වෙත දැනුම් දීමට කටයුතු කරන බවත් ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.