රුපියලෙහි අගය අඩු වැඩි වීමත් සමග වාහන මිලෙහි වෙනසක්

Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Sri Lanka
By Sewvandhi Mar 09, 2023 09:05 AM GMT
Report

 ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල උච්ඡාවචනය වීම හේතුවෙන් සුඛෝපභෝගී වාහනවල මිල යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ කියා සිටියේ, පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් වාහන මිල දී ගැනීම ද පහත ගොස් ඇති බව යි.

මේ අතර,ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියල අද (09) දිනයේත් ශක්තිමත් වුණා.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 307යි ශත 36 ක් ලෙස දැක්වුණු අතර, විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 325ක් ලෙසයි.

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now