හදිසියේම වාහන මිල වෙනස් වෙයි..නව මිල ගණන් මෙන්න..
මෙරට භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් නැවත වතාවක් ඉහළ යාමට පටන් ගෙන තිබෙනවා.
ඉන්ධන මිළ පහළ යාම, ඩොලරයේ අගය පහළ යාම මත මෙම තත්වය ඇති වී තිබෙන බවයි, වාහන අලෙවි කරුවන් සඳහන් කරන්නේ.
නමුත් වාහන අමතර කොටස්, නඩත්තු වියදම්, රක්ෂණාවරණ හා ලීසිං ගාස්තු මෙතෙක් පහත බැස නැති බවද වාහන අලෙවිකරුවන් පවසනවා.
ඒවායේ මිල අඩු වීමත් සමග වාහන අලෙවිය තව දුරටත් ඉහළ යාමක් දක්නට හැකි වනු ඇති බවත් ඔවුන් කියා සිටියි.
දැනට මෙරට තුළ ජනප්‍රිය වාහන කිහිපයක අද වන විට මිල ගණන් පහත පරිදිවේ.
Premio (2017) – ලක්ෂ 130-135
Aqua G (2012) – ලක්ෂ 48-56
Vezal (2014) – ලක්ෂ 72-80
Fit (2012) – ලක්ෂ 47-53
Vitz (2018) – ලක්ෂ 71-76
Grace (2014) – ලක්ෂ 69-74
X-trail (2015) – ලක්ෂ 83-100
WagonR (2014) – ලක්ෂ 38-45
Mahindra KUV 100 (2020) ලක්ෂ 38-45
Alto japan (2017) – ලක්ෂ 40-45
Panda (2015) ලක්ෂ 19-23
Alto (2015) – ලක්ෂ 25-27
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |