වාහන අලෙවිය සම්බන්ධයෙන් අලුත්ම ආරංචිය මෙන්න..

Sri Lanka Electric Vehicle Businessman
By Aruna Feb 20, 2023 12:35 AM GMT
Report

පවතින ආර්ථික අර්බුදය හමුවේ වුව ද වාහන අලෙවි වන ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ මහතා පැවසුවේ, ආයෝජනයක් ලෙස ජනප්‍රිය වාහන මිලදී ගැනීම ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවයි.

වැඩි දෙනෙකු බැංකුවල තැන්පත් කර ඇති මුදල් ලබාගෙන ආයෝජනයක් ලෙසට වාහන ගැනීමට පෙළඹී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

ඇතැමුන් ඉඩමක් විකිණීමෙන් ලැබෙන මුදල් හෝ විදෙස් රැකියාවකින් ලැබෙන මුදල් බැංකුවල තැන්පත් නොකර වාහන මිලදී ගැනීමට යොමුවී ඇති බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියාසිටියේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now