වාහන ගන්න ඉන්න අයට සුබ ආරංචියක්.!! එකවරම සිදුවූ දේ මෙන්න.

Business Mobile Sri Lanka Electric Vehicle
By Aruna Nov 11, 2022 02:16 AM GMT
Report

රට තුළ පවතින වාහනවල මිල ගණන් පහත ගොස් ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවසුවේ, පොලී අනුපාත ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මෙලෙස වාහන මිල ගණන් පහත වැටී ඇති බවයි.

පවතින තත්ත්වය හමුවේ අලෙවි කරන වාහන සදහා වර්තමානයේ නියමිත මිලක් නොමැති බවද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා වැඩිදුරටත් සදහන් කළා.

වාහන ආනයනය තහනම් කිරීමත් සමග ඉකුත් සමයේ රට තුළ වාහනවල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහල ගිය අතර ඵ් හේතුවෙන් වාහන අලෙවියද පහළ ගියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now