වාහන මිල එකවරම අඩුවෙයි..අඩුම මිල මෙන්න..ගන්න ඉන්න අයට සුබ ආරංචියක්..

Sri Lanka Electric Vehicle Businessman
By Aruna Sep 30, 2022 04:08 AM GMT
Report

ඉල්ලුම අඩුවීම හේතුවෙන් වාහන මිල ගණන් අඩුවී ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

කෙසේවෙතත් රුපියල් ලක්ෂ 30 ට අඩු වාහනවල මිල ගණන් අඩුවී නොමැති බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පැවසුවේ.

වාහන මිල ගණන් අසාමාන්‍ය ලෙස වැඩිවීම හේතුවෙන් වෙළඳ පොලේ වාහන සඳහා ඇති ඉල්ලුම අඩු වීමෙන් මෙලෙස මිල ගණන් අඩුවී ඇති බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

මේ අතර පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ ආනයනය, ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ පැවසුවා.

අමාත්‍යවරයා පැවසුවේ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි හෝ අත්‍යවශ්‍ය නොවන පදනම මත අදාළ භාණ්ඩවලට ආනයන සීමා පැනවූ බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now