වාහන මිළ නැවත අඩු වෙනවද..? වාහන ආනයනකරුවන් කියන ඇත්තම කතාව

Dollars vehicle price brand new Sampath Merenchige market rate second hand
By Sewvandhi Feb 02, 2022 11:51 AM GMT
Report

රජය කිසියම් දිනක වාහන ආනයනය ආරම්භ කළ ද මේ වන විට ඉහළ ගොස් ඇති වාහන මිල අඩු නොවනු ඇති බවත් වාහන ආනයනය අත්හිටුවීම නිසා වාහන ව්‍යාපාරකයින් දැඩි අර්බුදයකට පත්ව සිටින බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය.

භාණ්ඩයක් හිඟ වන විට මිල වැඩි වන්නේ යැයි කියන න්‍යාය වාහනවලට මේ වන විට බලපා ඇති අතරම රුපියල අවප්‍රමාණය වීම සහ උද්ධමනය ඉහළ යෑම වාහන මිල අධික ලෙස ඉහළ යෑමට හේතු වී ඇති බවත් වාහන ආනයන කළ ද මෙම තත්වයෙන් ගැලවීමට බොහෝ කාලයක් ගතවනු ඇති බවත් සම්පත් මෙරෙන්චිගේ මහතා කීය.

වාහන ආනයනය රජය 2020 වසරේ මාර්තු මස අත්හිවුවීමේ සිට වාහන ව්‍යාපාරිකයන් බැංකු ණය සහ වෙනත් වියදම් ව්‍යාපාරවල ප්‍රාග්ධන අරමුදල්වලින් පියවමින් සිටින බව කී සම්පත් මහතා ඒ හේතුවෙන් එම ක්ෂේත්‍රයේ රැකියා කළ බොහෝ පිරිසකගේ රැකියා අහිමිවී ඇති බව ද සඳහන් කළේය. 

 රටට අත්‍යවශ්‍ය භාණ්ඩ වන ඉන්ධන, ගෑස් වැනි දේවල් ආනයන සඳහා ද ඩොලර් නොමැති තත්වයක් තුළ වාහන ආනයනය කළ නොහැකි බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. සියලුම පාවිච්චි කළ ජපන් වාහන මේ වන විට පැවැති මිල මෙන් එකට එකකින් ඉහළ ගොස් ඇති අතර ඉන්දියන් වාහන ද ලක්‍ෂ කීපයකින් මිල ඉහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now