මෙරට වාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක්..! තරුණ තරුණියන්ගේ වාහන සිහින සැබෑ කරමින් ඇමරිකාවෙන් මෙරටට ලැබෙන දේ
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන අංශය තවදුරටත් දියුණු කිරීමට හා නවෝත්පාදනයන්ට තාක්ෂණික සහාය ලබා දීම සඳහා වන ගිවිසුමකට අමෙරිකාවේ මෙරට තානාපතිවරිය ඊයේ (15) අත්සන් තබා තිබෙනවා.
VEGA ආයතනය සමග එම ගිවිසුම අත්සන් තබා ඇති අතර ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විසින් ඒ සඳහා අරමුදල් සම්පාදනය කිරීමට නියමිත බව වාර්තා වනවා.
එමගින් විද්‍යුත් ත්‍රීරෝද රථ ඇතුළු විද්‍යුත් වාහන භාවිතය හා ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතයි.
තව ද මෙම වැඩපිළිවෙල යටතේ මෙරට විද්‍යුත් වාහන සඳහා ආරෝපණ ජාලයක් දියත් කිරීම සහ දේශීයව නිර්මාණය කර ඇති බැටරි සහ ඉන්වර්ටර් නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට ද මෙම ව්‍යාපෘතිය යටතේ අරමුදල් යෙදවෙයි.
අදාළ ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයට සහභාගි වූ අමෙරිකා තානාපති ජූලි චන්ග් එහි දී කියා සිටියේ, “නව අදහස් පරීක්‍ෂා කිරීමට, උපාය මාර්ගික අවදානම් ගැනීමට, ක්‍රියාත්මක වන දේ පිළිබඳ සාක්ෂි ගොඩනඟා ගැනීමට සහ ලෝකයේ විසඳීමට අපහසු සහ සංවර්ධන අභියෝගවලට හොඳ ම විසඳුම් ඉදිරිපත් කිරීමට ලොව පුරා සිටින නවෝත්පාදකයින්ට සහ පර්යේෂකයන්ට එක්සත් ජනපදය සහාය දක්වනවා.
තව ද ශ්‍රී ලංකාව තුළ, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නවෝත්පාදනයට සහ වර්ධනයට සහාය වීම සඳහා VEGA සහ අනෙකුත් ප්‍රධාන පෞද්ගලික අංශයේ සමාගම් සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත්වෙනවා”
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |