වාහන හා අමතර කොටස් ගේන්න බලපත්‍ර 284ක් නිකුත් කරලා..එව වාහන වර්ග මෙන්න..
තහනම මැද ලැබුණු බලපත්‍ර වාහන සහ අමතර කොටස් මෙරටට ආනයනය කිරීම තහනම් කර තිබියදීත් 2021 වසරේදී පාවිච්චි කරන ලද වාහන සහ අමතර කොටස් මෙරටට ගෙන්වීම වෙනුවෙන් බලපත්‍ර 284ක් නිකුත් කර ඇති බව ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව අනාවරණය කරයි.
එම වාර්තාවට අනුව 2020 වසරේදී එලෙස වාහන සහ අමතර කොටස් ආනයනය වෙනුවෙන් නිකුත් කර ඇති බලපත්‍ර සංඛ්‍යාව 197ක් වේ.
එම වාර්තාවට අනුව දෙපාර්තමේන්තුව විසින් 2021 වසරේදී ගුවන්යානා සහ හෙලිකොප්ටර් අමතර කොටස් ආනයනය කිරීම වෙනුවෙන් බලපත්‍ර 154ක් නිකුත් කර ඇති අතර වාහන බඳ කොටස් ආනයනයට බලපත්‍ර 60ක්ද චැසි සඳහා බලපත්‍ර 21ක්ද එන්ජින් සඳහා බලපත්‍ර 07ක්ද නිකුත් කර ඇත.
මෙලෙස සකස් කර ඇති ආනයන බලපත්‍ර අතරට පාවිච්චි කළ යතුරුපැදි වෙනුවෙන් බලපත්‍ර 06ක්ද බර වාහන සඳහා බලපත්‍ර 03ක්ද තානාපති කාර්යාලය විසින් ගෙන්වන වාහන සඳහා බලපත්‍රයක්ද තවත් විශේෂිත බලපත්‍ර 02ක්ද නිකුත් කර තිබේ.
පසුගිය වසරේදී දෙපාර්තමේන්තුව විසින් සමස්ත ආනයන බලපත්‍ර19,576ක් නිකුත් කර ඇති අතර, ඉන් බලපත්‍ර 8992ක්ම නිකුත් කර ඇත්තේ ජංගම දුරකතන සහ විදුලි සංදේශ උපකරණ ආනයනය කිරීම වෙනුවෙනි.
දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ 2020 වසරට සාපේක්ෂව 2021 වසරේදී මෙරටට ජංගම දුරකථන ආනයනය 85කින් ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |