වාහන අමතර කොටස් මිල 500% න් ඉහළට - අඩු මිලට වාහන විකිණීමත් වැඩි වෙයි

Sri Lanka Businessman
By Sithumi Nov 11, 2022 06:12 PM GMT
Report

වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් මේ වන විට අඩු මුදලට වාහන විකිණීමේ වැඩි ප්‍රවණතාවක් මතුව ඇති බව වාහන ආනයනකරුවන් පවසනවා.

රටේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් තමන් සතු වාහනවල නියම වටිනාකමට වඩා අඩු මුදලකට අලෙවි කිරීම මේ වන විට බහුලව සිදුවන බවයි වාහන ආනයනකරුවන්ගෙන්  සිදුකල විමසීමකදී ඔවුන් සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම තත්වය හමුවේ වාහන තැරැව්කරුවන් අයථා අන්දමින් වාසි ලබා ගැනීම් සිදුකරන බවද වාර්තා වනවා. 

 මේ අතර වාහන අමතර කොටස්වල මිල ගණන් සියයට 500 කින් පමණ ඉහළ යාම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා.

මේ සම්බන්ධයෙන් ඔවුන් අද පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.