ඔයාගෙත් වාහන සිහිනය හැබෑ කරන ලීසිං පහසුකම ගැන හරියටම දැනගමු..

Ministry of Finance Sri Lanka Electric Vehicle Department of Motor Vehicles vehicle imports sri lanka
By Sithumini Jul 03, 2024 05:40 PM GMT
Report

වාහනයක් මිලදී ගන්නවා කියලා කියන්නේ අද වෙද්දි හැමෝටම තියන ආසාවක්නේ.

නමුත් අද කාලේ ආර්ථිකේ එක්ක එක පාර සල්ලි දීලා වාහනයක් ගන්නවා කියන්නේ නම් හැමෝටක හීනයක්.ඒ නිසාම ලීසින් කරලා වාහනයක් ගන්නේ කොහොමද එහෙම ගද්දි මොනවා ගැනද ඔයා සැලකිළිමත් වෙන්න ඕනි කියලා තමයි අපි කියන්න යන්නේ.

ලීසින් කරලා වාහනයක් ගන්නවා කියන්නේ මොකක්ද?

ලීසිං කරලා වාහනයක් ගන්නවා කියන්නේ ඔබට වාහනයක් ගන්න මුදල් මදිනම් ඔබ තෝරාගන්නා ලීසිං ආයතනයකින් ඔබට ඔබේ අතේ ඇති මුදලට වාහනේ මිලදී ගන්න යමු කොටසක් ලබා දෙනවා.

එමගින් ඔබට වාහනය මිලදි ගෙන ඔබට පුලුවන් ආයතනයට මුදල් ටික ටික ගෙවන්න. වාහනයක් ලීසිං කරලා ගන්නකොට සැලකිළිමත් වෙන්න ඕනි කරුණු ගණනාවක් තියෙනවා.

ඒ තමයි, මූල්‍ය ආයතනයෙන් ලැබෙන මුදල වාහනය ගැනීමට ප්‍රමාණවත්ද යන්න තීරණය කිරීම.

මෙහිදී වැදගත් වෙන කාරණාව තමයි මූල්‍ය ආයතනයෙන් ඔබට යම් ගාණක් ලබා ගැනීමට වාහනයේ මුදල නිශ්චිත කර ගැනීම. වාහනයක් මිලදී ගන්නකොට, වාහනේ වටිනාකමින් 50% ක් තමයි ලීසිං පහසුකමක් විදියට ගන්න පුළුවන් වෙන්නෙ.

ඒ වගේම registered වාහනයක් ඒ කියන්නෙ, used vehicle එකක් ගන්නවා නම්, සාමාන්‍යයෙන් 70% ක් දක්වා ලීසිං පහසුකමක් ලබා ගන්න පුළුවන්.

ඒ අනුව අදාළ මූල්‍ය ආයතනයෙන් ලබා දෙන ලීසිං පහසුකම ප්‍රමාණවත් වෙනවද කියලා ඔබ තීරණය කළ යුතුයි. ඒ වගේම වගකිව යුතු හොදම මූල්‍ය ආයතනයක් තෝරා ගන්න ඕනි. මේ කාරණයත් ඉතාම වැදගත්.

වාහනයක් මිලදී ගන්න කලින් ඔබ ලීසිං පහසුකමක් ලබා ගන්නවනම් ඉතාම හොද වගකීමක් සහිත ආයතනයක්ම තෝරාගන්න ඕනි. එහෙනම් නැතිනම් වාහන ලීසිං කරලා අමාරුවේ වැටෙන පිරිස් ඕනෑතරම් ඉන්නවා.

අදාළ මූල්‍ය ආයතනයේ පොලී අනුපාතය, ලබා දෙන කඩිනම් සේවාව සහ අවශ්‍ය කරන අවම ලියකියවිලි ප්‍රමාණය කියන දේවල් ගැන ඔයා හොදින් අවධානය යොමු කරන්න. මෙහිදි වගකීමක් තියන වාණිජ බැංකුවක් මේ සදහා තෝරාගන්නවනම් වඩාත් ආරක්ශිත වෙනවා.

ඒ වගේම ලීසිං පහසුකමක් ලබා ගන්න අවශ්‍ය වෙන්නේ මොනවද?

වාහනය විකුණන තැනින් ඔබට ලබා දෙන ඉන්වොයිස් එක. මේක ඔයා අනිවාර්යෙන්ම ලබා ගන්න ඕනි. ඒ වගේම ඔයා ගන්නේ සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් නම් එහි මුල් අයුතිකරුගෙන් ලියුමක් ලබාගත යුතු වනවා.

ඒ වගේම registered වාහනයක් ගන්නකොට, අයිතිකරුගෙන් වාහනයේ ලියාපදිංචි සහතිකයේ copy එකක් ලබා ගන්න ඕනෙ. එමෙන්ම ඔබ ගන්නෙ registered වාහනයක් නම් තක්සේරු වාර්තාවක් සිදු කරන්න ඕනෙ.

මෙයත් මූල්‍ය ආයතනය ඔබෙන් බලාපොරොත්තුවෙනවා. මේ දේවල් හරියට ලෑස්ති කරගෙන ඉහත කරුණු ගැන සැලකිළිමත් වෙනවනම් ඔයාටත් ඔයාගේ වාහන සිහිනය හැබෑ කරගන්න පුළුවන්.