ලීසිං කරපු වාහනයක් හරියට වාරික ගෙව්වේ නැත්නම් උස්සන්න පුළුවන්ද..? හරියටම දැනගන්න..

Electric Vehicle Department of Motor Vehicles vehicle imports sri lanka
By Sithumini Aug 18, 2024 05:50 PM GMT
Report


වාහනය්ස්ක් ගන්න එක මේ වන විට බොහෝ දෙනෙකුගේ හීනයක් බවට පත්වෙලා තිබෙනවා.

එවැනි පසුබිමක වාහනයක් මිලදී ගැනීමේදි එකවර ගෙවීමට නොහැකි බොහෝ දෙනෙකු කරන දෙයක් තමයි වාහනයක් ලීසිං කර මිලදී ගැනීම.

නමුත් බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක් තමයි තමන්ට වාහනය මිලදී ගැනීමට ගත් ලීසිං වාරික ප්‍රමාද්ස් වුණොත් වාහනය බලහත්කාරයෙන් ලබා ගැනීමට ඇති නීති තත්වය ගැන. මෙලෙස වාහනය පවරා ගැනීමේ හැකියාවක් තිබෙනවා.

ඒ වාහනය සහිත පලාතේ පොලිඩ් නිලධාරීයෙකු ඩමග ගොස් වාහනය පවරා ගැනීම. නමුත් ඔබ වාහනය ලබාදීමට විරුද්ධ වුණොත් වාහනය බලහත්කාරයෙන් ලබාගැනීමට එම සමාගමට කිසිදු හැකියාවක් නැහැ.

ලීසිං සමාගමට එය ලබා ගැනීමට අවශ්‍යනම් ඔවුන්එම වාහනය අයත් පළාතේ දිසා අදිකරණයක නඩුවක් පවරීමේ හැකියාව තිබෙනවා.

එහිදි දින 14ක් තුළ වාහනයේ හිමිකරු අදිකරණයට ඉදිරිපත්වුණේ නැත්නම් එම වාහනයේ සන්තකය අදිකරණය ලීසිං සමාගමට පවරනවා. ඒ නියෝගය අනුව වාහනය ලබා ගන්නට ලීසිං සමාගමට හැකියාවක් තිබෙනවා.

එවිට වාහනය සමාගමට ලබා දීමට ඔබට සිදුවෙනවා.