යළි වාහන ආනයනය ගැන අලුත්ම ආරංචියක්..ගෙන්නන්න හදන වාහන ලැයිස්තුව මෙන්න..
                                    
                    Businessman
                
                                                
                    Department of Motor Vehicles
                
                                                
                    vehicle imports sri lanka
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    වාහන කිහිපයක් මෙරටට අානයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේත් අධ්‍යාපන අමාත්‍යංශයේත් භාවිතය සඳහා උවමනා කරන වාහන කිහිපයක් බවයි පැවසෙන්නේ.
මේ අනුව, ශ්‍රී ලංකන් ගුවන් සේවයට වාහන තුනක්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලින් පරිත්‍යාග කර ඇති ජංගම මාතෘක තුනක්, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙන් පරිත්‍යා කරන ලද ද්විත්ව කැබ් රථ විසි එකක්, ආසියානු සංවර්ධන බැංකුව මගින් සපයන ලද බස් රථ දෙකක්, කොරියානු අරමුදල් ව්‍යාපෘතියෙන් ලබා දී ඇති එක් වාහනයක් ද මෙසේ ආනයනය කිරීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් පොදුවේ වාහන ආනයනය තවදුරටත් තාවකාලිකව අත්හිටුවා ඇත්තේ විදේශ විනිමය පීඩනය ලිහිල් කිරීමේ අරමුණින් බවයි පැවසෙන්නේ.
                
                