වාහන සිහිනය සැබෑ කරමින් වාහන ආනයනය අරඹයි..
Manusha Nanayakkara
Sri Lanka
Dubai
Electric Vehicle
Department of Motor Vehicles
By Aruna
විදේශගත ශ්‍රමිකයන් සඳහා විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ වැඩසටහන මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒ යටතේ විද්‍යුත් වාහන 111ක් ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරන්නේ, නීත්‍යානුකූල ලෙස විදේශ විනිමය මෙරටට එවනු ලබන ශ්‍රමිකයන් සඳහා වරප්‍රසාද රැසක් ලබාදී තිබෙන බවයි.
ඒ අනුව හඳුන්වා දී ඇති විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ක්‍රමය යටතේ ඉකුත් මැයි මස සිට මෙම බලපත්‍ර නිකුත් කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
බලපත්‍ර ලබාගත් විදේශිකයන් වැඩි පිරිසක් ඩුබායි රාජ්‍යයේ සේවය කරන ශ්‍රමිකයන් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.