ලංකාවට වාහන ගෙන්වීම ගැන ඇමති ගෙන් විශේෂ දැනුම්දීමක්..
Manusha Nanayakkara
Sri Lanka
Electric Vehicle
By Aruna
විදේශ ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ප්‍රේෂණ අනුව විදුලි වාහන ආනයනය කිරීමට ලබාදී ඇති කාලය දීර්ඝ කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
ඒ අනුව එම වාහන ආනයනය කිරීමට ලබාදී තිබූ කාලය මේ වසරේ අගෝස්තු මාසය දක්වා දීර්ඝ කර ඇත.
ඊයේ(29) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එසේම පෞද්ගලික මට්ටමින් මෙරටට ඩොලර් ගෙන එන වෙනත් පුද්ගලයින්ටද විදුලි වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබාදීමේ යාන්ත්‍රණයක් සකස් කරන බවද ඔහු පැවසීය.
විදේශ ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ප්‍රේෂණ අනුව බලපත්‍ර නිකුත් කිරීමේ කාලසීමාව පසුගිය වසරේ මැයි සිට දෙසැම්බර් 31 දක්වා සීමා කර තිබූ අතර එම කාලය අගෝස්තු දක්වා දීර්ඝ කිරීමට මේ අනුව කටයුතු කෙරෙනු ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |