වාහන ආනයනය ගැන රජයෙන් අලුත්ම තීරණයක්..!

Sri Lanka Electric Vehicle
By Sewvandhi Mar 29, 2023 11:07 AM GMT
Report

විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ, ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බවයි. 

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,

"විදෙස් ශ්‍රමිකයින් දිරිගැන්වීම සඳහා ඔවුන් මෙරට එවන විදේශ විනිමය ප්‍රමාණය අනුව විදුලි මෝටර් රථ ගෙන්වීමේ පහසුකම සැපයීමට රජය තීරණය කළා. අලුත් කැබිනට් මණ්ඩලය අලුත් විදියට හිතන කැබිනට් එකක්. කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන්ම මේකට සහයෝගය දුන්නා. සමහර මැති ඇමතිවරු යෝජනා ඉදිරිපත් කළා මේකට හයිබ්‍රිඩ් මෝටර් රථ එකතු කරන්න සහ පෙට්‍රල් මෝටර් රථ ආනයනය කිරීම සඳහා අවස්ථාව දෙන්න.

රජයේ යම් තීන්දුවක් තියෙනවා ඉදිරියේදී අපි පුනර්ජනනීය බලශක්තිය කරා යා යුතුයි. විද්‍යුත් වාහන කරා යා යුතුයි කියලා. ඒක නිසා මේ යෝජනාව ඉදිරිපත් කළා. මෙතැනින් ඉදිරියට මේ රටට රජයක් විදියට තීන්දුවක ඉන්නවා පුළුවන් හැම අවස්ථාවකදීම විද්‍යුත් වාහන පමණක් ආනයනය කරන්න අවසර දෙන්න. අනාගතයේදී රජයට ගෙන්වන වාහන සියල්ල විද්‍යුත් වාහන පමණයි කියන තීන්දුවත් අරගෙන ඉවරයි."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now