අහස උසට යන එළවළු මිල..
                                    
                    Sri Lanka
                
                                                
                    Sri Lanka Food Crisis
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    එළවළු මිල ගණන් පසුගිය මාසයට සාපේක්ෂව තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ ප්‍රමාණවත් ලෙස එළවලු තොග වෙළෙඳ පොලට නොලැබීම හේතුවෙන් ය.
පසුගිය මාසයට සාපේක්ෂව එළවලු මිල ගණන් තුන් ගුණයකින් පමණ වෙළෙඳපොළෙහි ඉහළ ගොස් ඇති බව වෙළෙඳුන් සඳහන් කළේ ය.
අද (14) පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ ගෝවා කිලෝවක් රුපියල් 150ත් 160ත් අතර මිලකට ද වම්බටු කිලෝවක් රුපියල් 350ත්, 400ත් අතර මිලකටත් අලෙවි වේ.
එමෙන්ම බෝංචි කිලෝවක් රුපියල් 500ත් 600ත් අතර මිලකටත්, අමු මිරිස් කිලෝවක මිල රුපියල් 300 ක් මිලකටත්, මාළු මිරිස් කිලෝවක් රුපියල් 400 කටත්, කරවිල කිලෝවක් රුපියල් 450 ත් 500 ත් අතර මිලකට අලෙවි වේ.
වෙළෙදුන් පවසන්නේ තොග ලැබීම 40% පමණ පහළ යෑම මෙම මිල ඉහළ යෑමට හේතු වි ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |