එළවළු මිල තවත් පහතට..
මේ වනවිට ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ඉතා අඩු අගයකින් සටහන් වේ.
ඒ අනුව ඊයේ (30) පෑලියගොඩ මැනිං වෙළඳපොලේ කැරට් කිලෝවක් රුපියල් 90ත්, 100ත් අතර මිලකට ද, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝග්‍රෑමයක මිල රුපියල් 80 දක්වා ද මිල පහත වැටිණ.
නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානයේ උඩරට නොවන බීට් කිලෝග්‍රෑමයක් රුපියල් 60ත්, 80ත් අතර මිලකට අලෙවි වී තිබූ අතර, මැනිං වෙළඳපොලේ ද රුපියල් සියයකට අඩු අගයකින් අලෙවි විය.
ආර්ථික මධ්‍යස්ථාන රැසක ලීක්ස් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 200ත්, 260ත් අතර අගයක පැවතුන අතර ගෝවා කිලෝග්‍රෑමයක මිල ද රුපියල් 65ත්, 90ත් අතර අගයක් සටහන් විය.
මේ අතර නුවරඑලිය අර්තාපල් ඊයේ දිනයේ මැනිං වෙළඳපොලේ රුපියල් 230කට අලෙවි වූ අතර ආනයනික ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක මිල ද රුපියල් සියයට අඩු අගයක් ගනු ලැබීය.
මැනිං වෙළඳපොලේ වට්ටක්කා කිලෝග්‍රෑමයක් අලෙවි වූයේ රුපියල් 35ත්, 50ත් අතර මිලකට ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |