එළවළු මිලෙහි තුන් ගුණයකින් සිදු වූ වෙනස.

Sri Lanka
By krishani Mar 28, 2023 04:28 AM GMT
krishani

krishani

in ආහාර
Report

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ඉතා විශාල වශයෙන් පහත බැස ඇති බව වාර්තා වේ.

ඒ පෙර පැවති මිල ගණන්වලට සාපේක්ෂව තුන් ගුණයකින් පහළ බැසීමකී.

එළවළු වර්ගවල තොග මිල ගණන් කිලෝව රුපියල් සියයක් දක්වා අඩු වී ඇත.

ඊයේ (27) වන විට බෝංචි කිලෝවක මිල රුපියල් රුපියල් 100 දක්වා ද තක්කාලි රුපියල් කිලෝ එකක් රුපියල් 150ත් - 180ත් අතර මිලකටත්, රුපියල් 450කට අලෙවි වූ කැරට් කිලෝවක් රුපියල් 70 - 100 අතර මිලකටත් අලෙවි වන බව මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපති එච්.එම්. උපසේන පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join