දිවයින පුරා එළවළු මිල ගණන් හදිසියේම වෙනස් වෙයි..නව මිල ගණන් මෙතනින් දැනගන්න.

Business Mobile Sri Lanka Economy of Sri Lanka
By Aruna Nov 03, 2022 06:04 AM GMT
Report

පසුගිය දිනවලට සාපේක්ෂව වෙළඳ පොලෙහි එළවලු මිළ ගණන්ද ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසනවා.

දිවයිනේ බොහෝ ආර්ථික මධ්‍යස්ථානයන්හි මෙලෙස එළවළු මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් ද ඉහළ ගොස් ඇත.

එලෙස ඉහළ ගිය මිල ගණන් පහතින් දැක්වේ,

කැරට් කිලෝවක් රුපියල් 420ක්

බොංචි කිලෝවක් රුපියල් 520 ක්

ගෝවා කිලෝවක් රුපියල් 360ක්

වම්බටු කිලෝවක් රුපියල් 400ක්

වට්ටක්කා කිලෝවක් රුපියල් 280 ක්

අමු මිරිස් කිලෝවක් රුපියල් 400ක්

දෙහි කිලෝවක් රුපියල් 800 ක්

තක්කාලි කිලෝවක් රුපියල් 440 ක්

මේ අතර ලොකු ලූණු මිළ ගණන් වෙනදාට වඩා සාපේක්ෂව මේ දින වල ඉහළ ගාස් ඇතැයි පාරිභෝගිකයින් සදහන් කරයි.

සාමාන්‍ය වෙළඳපොලේ ලොකු ලූණු කිලෝවක් රුපියල් 280 ත් 300 ත් අතර මිළකට අළෙවි වන අතර, පෑලියගොඩ මැනිං වෙළඳපොලේ ලොකු ලූණු කිලොවක් රුපියල් 250ක මිලට අලෙවි වේ.

පෑලියගොඩ මැනිං වෙ ළඳපොලෙ දේශීය අර්තාපල් කිලෝවක රුපියල් 330 කටත් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් 480 කටත් අළෙවි වන බවයි පාරිභෝගික ජනතාව කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now