එළවළු මිල තවත් ඉහල නගී..!
වෙළෙඳපොළේ එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ යමින් පවතින බව වෙළෙඳුන් පවසති. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ගොවියෙක්,
"තාක්කාලි රු 1,000.00 අද. බෝංචි රු 480.00, කැරට් රු 400.00, මාළු මිරිස් රු 480.00යි. උඩරට, පහතරට එළවළු සෑම දෙයක්ම මිල වැඩියි."
මේ අතර තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට අද රැගෙන ආ කෙසෙල්, අලෙවි කරගැනීමට නොහැකි වීමෙන් ගොවීන් අපහසුතාවයට පත්වුණි.
ඊට හේතු වී තිබුණේ ඩීසල් හිඟය නිසා වෙළෙඳුන්ට ආර්ථික මධ්‍යස්ථානයට පැමිණීමට නොහැකි වීමය. මේ අතර තවමත් පොහොර ලැබී නොමැතිවීම හේතුවෙන් ගොවිතැන් කටයුතු සිදුකිරීමේ ගැටලුවක් මතුව ඇති බවට ගොවීන් මැසිවිලි නගති.
පවතින වාතාවරණය යටතේ කුඹුරු අස්වැද්දීම සඳහා බලධාරීන් ජලය නිකුත් කළත් ගොවීන්ට කෘෂි රසායන, පොහොර සහ ඉන්ධන සපයා ගත නොහැකිවීමෙන් ඔවුන් වී වගාවෙන් ඉවත්ව සිටී. මෙවැනි පසුබිමක සහල් මිලද තවදුරටත් ඉහළ යෑම නිසා ජනතාව පීඩාවට පත්ව සිටිති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |