එළවළු මිල අහස උසට නගී..! මිල ගනන් මෙන්න
දේශිය වෙළෙඳපොලේ උඩරට සහ පහතරට සෑම එළවළු වර්ගයක ම මිල ඉහළ ගොස් ඇති බව හැටන් නගරයේ එළවළු වෙළෙන්දන් කියා සිටී.
ඉල්ලුමට සරිලන එළවළු සැපයුමක් ගොවින්ට ලබාදිමට නොහැකි තත්ත්වය හමුවේ මෙසේ එළවළු මිල සිඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි වෙළෙඳුන් කියා සිටින්නේ.
තක්කාලි කිලෝවක් රු 800 ක් ද, කැරට් කිලෝවක් රු 400 ක් ද, මාළු මිරිස් කිලෝවක් රු 400 ක් ද, බටු කිලෝවක් රු 450 ක් ද, අර්තාපල් කිලෝවක් රු 300 ක් ද, ලික්ස්, බිට්රුට් සහ ගෝවා කිලෝවක් රු 300 ක මිලකටත්, අමු මිරිස් කිලෝවක් රු 600 වැනි මිලකට ද අලෙවි වන බවයි එම වෙළෙඳුන් පවසන්නේ.
මෙයට සමගාමිව පහතරට එළවළු මිල ද ඉහළ ගොස් ඇති බවත්, එම එළවළු කිලෝවක් ද රු 400කට ඉහළ මිලකට අලෙවි වන බවයි වෙළෙඳුන් කියා සිටින්නේ.
එළවළු ගොවින්ට වගාවට අවශ්‍ය රසායනික පොහොර, කෘමි නාශක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැති විම හමුවේ එළවළු වගාවේ අස්වැන්න අඩුවිම ප්‍රධාන හේතුවක් වි ඇති බවයි සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ කියා සිටියේ.
තව ද ඉකුත් කන්න සමයේ එළවළු ගොවින් සතුව රසායනික පොහොර, කෘමි නාශක සහ කෘෂි රසායනික තොග රැස් කර තිබූ බවත්, මේ වන විට එම තොග අවසන් වීම හමුවේ එළවළු වගාවට මේ වන විට විශාල බලපැමක් එල්ල වි ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |