එළවළු මිල ඉහළට - ඒ අනුව නව මිල ගණන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න..

Sri Lanka
By krishani Nov 04, 2022 09:29 AM GMT
Report

එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති බව හැටන් නගරයේ එලවළු ව්‍යාපාරිකයන් පවසයි.

පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එලවළු වගාවට බලපෑම් එල්ල වු නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් ගොවින්ට ලබාදිමට නොහැකි විම මත එලවළු මිල මෙසේ ඉහල ගොස් ඇති බව ව්‍යාපාරිකයන් පවසයි.

දේශිය වෙලදපොලේ රතු ළුණු කිලෝවක් රු 800 දක්වා ඉහල ගොස් ඇත.

මේ අනුව කැරට් කිලෝවක් රු 350 , ගෝවා රු 280 , බෝංචි රු 450 , වම්බටු රු 350 , ලික්ස් රු 270 , දේශිය අර්තාපල් රු 350 , වට්ටක්කා රු 250 , මුරුංගා රු 240 , පතෝල රු 350 , වැටකොළු රු 320 , බිට්රුට් රු 250 , දඹල රු 300 , බණ්ඩක්කා රු 320 , අමු මිරිස් රු 400 , නයි මිරිස් රු 1000 , තත්කාලි රු 400 , මල්ගෝවා රු 650 , පොලොස් රු 120 , මඤ්ඤොක්කා රු 130 , බතල රු 180 , පිපිඤ්ඤා රු 150 සිල්ලර මිලකට අලෙවි වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join