එළවළු මිල ගණන් අහස උසට යයි.. නව මිල ගණන් මෙන්න..ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්..

Businessman Vegetables Vegetables Price Vegetable Price Today
By Aruna Apr 12, 2024 02:46 AM GMT
Report

පසුගිය දින වල මෙරට එළවළු මිල ගණන් ඉතාමත් පහළ අගයක පැවතියා.

ඒ අනුව බෝංචි ,ලීක්ස්,ගෝවා ඇතුලු එළවළු වල තොග මිලගණන් 150 ට වඩා පහල අගයක පැවතියා.

එවන් තත්ත්වයක් තුළ පැවති එළවළු මිල අද දිනයේ ඉහළ අගයක සටහන්ව ඇති බවයි වාර්තා වන්නේ.

ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසන්නේ, එලවලු මිල ඉහළට, රත්තරං කුඩු මිශ්‍ර කර ඇති බවයි.

මේ අනුව,ඔහු පවසන්නේ මේ වන විට එළවළු මිල ගණන් 200% කින් ඉහළට ගොස් ඇති බවයි.

මේ අනුව,අද හෙට එලවලු භාවිතා නොකර ඉන්නැයි පාරිභෝගික ජනතාවගෙන් අසේල සම්පත් මහතා ඉල්ලීමක් කරයි.

අද දිනයේ සටහන් වූ එළවළු වර්ග කිහිපයක මිල ගණන් පහතින් දැක්වේ.

🛑 කැරට් 450

🛑 ලූනු කොල රු 500

🛑 ලීස් රු 350

🛑 බෝංචි රු 430

🛑 තක්කාලි රු 300

🛑 වම්බටු රු 400

මේ අතර අද දිනයේ කුකුල් මස් මිල ගණන් ද ඉහළ නැග ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කිලෝග්‍රෑමයක නාගරික සිල්ලර මිල රු 1400යේ සීමාවට පැමිණ ඇත.