එළවලු මිල විශාල ලෙස පහළ යයි

Sri Lanka Sri Lanka Food Crisis
By Sewvandhi Feb 27, 2023 02:32 PM GMT
Report

වෙළඳපලේ එළවලු මිල තවදුරටත් පහල බසිමින් පවතිනවා. පසුගිය දිනවල ඉහළ ගොස් තිබූ කැරට්, ගෝවා, වට්ටක්කා, අර්තාපල්, ලීක්ස්, වම්බටු ආදි එළවලු කිලෝග්‍රෑමයක මිල මේ වන විට රුපියල් 100 පමණ දක්වා පහළ බැස ඇති බවයි ව්‍යාපාරිකයින් ප්‍රකාශ කළේ. 

කෙසේ වෙතත් වෙළඳපලේ මඤ්ඤොක්කා කිලෝ ග්‍රෑමයක මිල මේ වන විට රුපියල් 200 ඉක්මවා තිබෙනවා.

ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැතිවීම මිල ඉහළ යාමට හේතුව බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාර භාරයන් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now