එළවළු මිල අහස උසට නගී..! මිල ගණන් මෙන්න..

Food Shortages Sri Lanka Sri Lanka Food Crisis Businessman
By Sithumi Nov 21, 2022 06:07 PM GMT
Report

ලොකුලූනු, අර්තාපල්, පොල්, තක්කාලි හා මාළු මිරිස්, බෝංචි, ලීක්ස්, කැරට්, පතෝල ඇතුළු එළවළු වර්ග කිහිපයක මිල විශාල ලෙස ඉහළ යෑම නිසා ජනතාව දැඩි දුෂ්කරතාවලට ලක්ව සිටිති.

ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 320 - 400 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, දේශීය අර්තාපල් කිලෝවක මිල රුපියල් 420 - 500 දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම තක්කාලි කිලෝවක මිල රුපියල් 440 -500 අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇත. මාළු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 700 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, ඇතැම් ප්‍රදේශවල සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවා ගොස් තිබේ.

එසේම කරවිල කිලෝවක සිල්ලර මිල රුපියල් 450 දක්වාත් කැරට්, බෝංචි, ලීක්ස් කිලෝවක මිල රුපියල් 420 - 480 දක්වාත් ඉහළ මිලක් ගෙන තිබෙන අතර, පතෝල, මෑකරල්, නෝකෝල් කිලෝවක මිල රුපියල් 300 - 450 අතර මිලක් ගෙන ඇත.

මේ පිළිබඳ සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතියේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතාගෙන් විමසීමක් කළේය.

එහිදී ජාතික සංවිධායකවරයා සඳහන් කර සිටියේ, මේ වනවිට දෛනිකව එළවළු තොග ලැබීම සිදුවන්නේ, 30% - 35% අතර ප්‍රමාණයක් නිසා ඉල්ලුමට සරිලන සැපයුම් ලබාදීමට නොහැකි වී ඇති බවයි.

පසුගිය දිනවල ඇති වූ වැසි තත්ත්වයත් සමග ඇතැම් ප්‍රදේශවල වගා භූමි විනාශ වී යාම හා වගාවලට විවිධ දිලීර රෝග ඇති වී තිබීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවත්, මේ නිසා ඉදිරි සති කිහිපයේදීත් මෙම තත්ත්වය පැවතිය හැකි බවත් හෙතෙම සඳහන් කළේය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now