අද එළවළු මිල පහළ බසී..මාළු මිල ගණන් ඉහළ නගී..අලුත්ම මිල දර්ශකය මෙන්න..
පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානයේ අද (20) එළවලු මිල ගණන් පසුගිය දිනයන්ට සාපේක්ෂව තවමත් පහළ අගයක් වාර්තා වනවා.
නමුත්, දෙහි සහ ඉඟුරු මිල ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අනුව, දෙහි මිල රුපියල් 1000ක් වන අතර, ඉඟුරු මිල රුපියල් 2800ක් බවයි සටහන් වී ඇත්තේ.
එළවලු කිලෝග්‍රෑම් එකක මිල ගණන් පහතින්,
තක්කාලි රුපියල් 80 කැරට් රුපියල් 150 වම්බටු රුපියල් 100 බෝංචි රුපියල් 300 අමු මිරිස් රුපියල් 150 ලීක්ස් රුපියල් 150 ගෝවා රුපියල් 120 බීට් රුපියල් 200 මාලු මිරිස් රුපියල් 400 පතෝල රුපියල් 120 වැටකොළු රුපියල් 100 වට්ටක්කා රුපියල් 150 නෝකොල් රුපියල් 100 ලූනු කොල රුපියල් 150 අලු කෙසෙල් රුපියල් 150
මේ අතර, අද පෑලියගොඩ මාලු මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.
සාලයා රු 500
හුරුල්ලෝ රු 700
බලයා දවසේ මාලු රු 750
බලයා රු 500
ලින්නා රු 900
කෙලවල්ලා රු 800/1000
පරව් රු 1200
තලපත් රු 1500
කොප්පරා රු 1700
තෝරු රු 2000
බෝල්ලෝ රු 1000
කුම්බලාවා රු 850
අලගොඩුවා රු 850
ඉරටවල්ලා රු 900
ඉස්සෝ රු 2000
දැල්ලෝ රු 1500
හැඩැල්ලා රු 1300