අත්‍යවශ්‍ය භාණ්ඩ හා වැට් බද්ද ගැන දැනුම්දීමක්

Sri Lanka Economic Crisis Sri Lanka Economy of Sri Lanka
By Sewvandhi Aug 31, 2022 04:12 PM GMT
Report

ඉහළ දැමුණු වැට් බදු, අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අදාළ නොවන බව දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමය පවසනවා. එසේම, 2019 වසරේදී වැට් බද්ද අඩු කළ අවස්ථාවේදී පාරිභෝගික ජනතාවට සහනයක් නොලැබුණේ නම්, බදු වැඩි කිරීමේදීත් ඒ බර ජනතාව මතට පැටවීමක් සිදුනොවනු ඇති බවයි එහි සභාපති සරත් අබේරත්න කියා සිටියේ.

2022 අතුරු අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහිදී ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විවරණය කෙරුණු අතර ඒ ඒ ක්ෂේත්‍ර සඳහා ආදායම් උපයාගන්නා සහ වියදම් පියවාගන්නා යෝජනා ඉදිරිපත් කෙරුණා.

මේ අතර, ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ගොවීන්ට ලබාදී ඇති සහන ප්‍රමාණවත් නොවන බවයි. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා අතුරු අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 350ක්.

...........................................................................

YOU MAY LIKE THIS VIDEO-:

අතීත හා වත්මන් ශ්‍රී ලංකාව ගැන ප්‍රභාලයෙකුගෙන් විශේෂ ප්‍රකාශයක්

 

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW