වැට් ආදායම ඉහළ ගිය තරම.
                                    
                    Sri Lanka
                
                                                
                    Income Tax Department
                
                                                
                    Value Added Tax (VAT)
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    එකතු කළ අගය මත අය කරනු ලබන බදු අනුපාතය (වැට්) වැඩි කිරීම හේතුවෙන් 2022 වසරට සාපේක්ෂව ඉකුත් වර්ෂයේ දී (2023) එකතු කළ අගය මත බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 694.5 දක්වා 50%කින් සැලකිය යුතු අයුරින් වැඩි වී ඇති බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.
ඒ, අනුව 2022 වර්ෂයේ දී එකතු කළ ආදායම මත බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 463.1ක් වූ අතර 2023 වර්ෂයේ දී එම ආදායම රුපියල් බිලියන 694.5 දක්වා වැඩි වී ඇත.
එමෙන්ම දේශීය ක්‍රියාකාරකම් මත එකතු කළ බද්දෙන් ලද ආදායම 2022 වර්ෂයේ රුපියල් බිලියන 291.6 සිට 2023 වර්ෂයේ දී රුපියල් බිලියන 469.1 දක්වා සියයට 60.9කින් වැඩි වී ඇති අතර ආනයනය මත එකතු කළ බද්දෙන් ලද ආදායම 2022 වසරට සාපේක්ෂව 2023 වර්ෂයේ දී රුපියල් බිලියන 225.4 දක්වා සියයට 31.4කින් වර්ධනය වී තිබෙනවා.  
 
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    