කිලෝමීටර් 54ක් පාගමනින් ගිය ශ්‍රී ලාංකීය දිරිය දියණිය චෝලන් වාර්තාවක් තබයි - (PHOTO)

Sri Lanka Sri Lankan Schools
By Gagana Sep 21, 2023 07:54 AM GMT
Report

බගවන්තලාව සෙන්මේරිස් ජාතික පාසලේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියක් කිලෝමිටර් 54 ක දුරක් පැය 8 විනාඩි 30 අඛණ්ඩව පාගමනේ නිරත වෙමින් චෝලන් වාර්තාවක් තබා තිබෙනවා.

සිසුවිය වසන්ත කුමාර් නිතර්ෂා නමැති වයස අවුරුදු 15ක බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකාරියක්. නාවලපිටිය , ගිනිගත්හේන , වටවල , හැටන් , දික්ඔය , නොර්වුඩ් හරහා බගවන්තලාව දක්වා පාගමනේ නිරත වන අවස්තාවේ මාර්ගය දෙපස පිහිටි පාසල් වල සිසු සිසුවියන්ගේ සහ ගුරුවරුන්ගෙත් , පුර්ණ සහයෝගය එම පාසල් සිසුවිය වෙත ලැබුණා

ඉන්දියාවෙන් ක්‍රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතට බගවන්තලාව ප්‍රදේශයෙන් එම පාසල් සිසුවියගේ නාමය එක්වු බව එම පාගමන නිරික්ෂණයට පැමිණි මෙරට නියෝජිත සි.නාගවාණි රාජා මහතා ඇතුළු නිලධාරින් ප්‍රකාශයට පත් කළා.

Gallery