සියල්ලන් කම්පා කරමින් අතුරුදන් වූ මවගේ සහ පුතුගේ සිරුරු හමු වූ තැන - (PHOTOS)
Kurunegala
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
ඊයේ (22) කුරුණෑගල වාරියපොල, වල්පොල ප්‍රදේශයේ මවක සහ ඇයගේ සය හැවිරිදි පුතු ළිඳට වැටී මියගොස් තිබේ.
ඊයේ (22) සවස මව සහ දරුවා දියනෑමට ළිඳට ගොස් ඇති අතර, රෑ වනතුරු ඔවුන් නොපැමිණීම නිසා සොයාබැලීමේ දී දරුවාගේ ඇඳුම් සහ සෙරෙප්පු ළිඳ අසල තිබී හමුව තිබුණි.
ඉන්පසුව ප්‍රදේශවාසීන් එක්ව ළිඳ ඉස දරුවාගේ සහ මවගේ මෘත ශරීර සොයාගෙන ගොඩට ගෙන ඇත. 37 හැවිරිදි ලක්මාලි වීරසිංහ සහ කෝවිද සාරමිත් නැමති පුංචි පුතු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
හෙට (24) දිනට මියගිය පුංචි පුතුගේ හත් වන උපන්දිනය යෙදී ඇතැයි ද සඳහන් වේ.
මියගිය කාන්තාවගේ සැමියා නාවික හමුදාවේ සේවය කරන අයෙකි.
ඔවුන් ළිඳට වැටී මියගිය ආකාරය පැහැදිලි නැත
