නහර ගැටගැසීමේ වේදනාව අඩු කරන්න සරල පිළියම්.
බොහෝ වැඩිපුර මුහුණ දෙන රෝගී තත්වයක් තමයි නහර ගැටගැසීමේ රෝගී තත්වය. එහෙමත් නැත්නම් වේරිකෝස් නහර (Varicose veins).
👉 ඔබේ වයස, බර, දිගු කාලයක් සිටගෙන හෝ වාඩි වී සිටීම, ගැබ් ගැනීම, ජාන විද්‍යාව, හෝමෝන වෙනස් වීම හා කාන්තාවක් වීම වැනි හේතු සාධක රැසක් මෙම රෝගී තත්වයට බලපානවා.
👉 වේරිකෝස් නහර කියන්නේ ඔබේ රුධිර වාහිනී පටු වීම හේතු කරගෙන ඇතිවන තත්ත්වයක්. සාමාන්‍යයෙන් නිරෝගී නහර වල, රුධිරය එක් දිශාවකට සුමටව ගලායාමට ඉඩ සලසමින් විවෘත හා වැසෙන කුඩා කපාට මාලාවක් පවතින අතර මෙම කපාට වලට හානි සිදුවුව හොත් හෝ දුර්වල වුවහොත් රුධිරය පසුපසට ගලා යනවා.
👉 එමගින් නහර ඉදිමී විශාල වීම සිදු වෙනවා. ඒ වගේම මෙහීදී නහර තුළ ඇති කුඩා කපාට නිසියාකාරව ක්‍රියා කිරීම නැවැත්වූ විට වේරිකෝස් නහර වර්ධනය වෙන බවයි පැවසෙන්නේ. ඉතින් අද අපි ඔබට කියන්නේ වේරිකෝස් නහර වල රෝග ලක්ෂණ අඩු කිරීමට උපකාර වන සරල උපක්‍රම කිහිපයක් ගැනයි.
සැ.යු. -* ලක්ෂණ වලින් පීඩා විඳින්නේ නම් එයට සහනයක් ලබා ගැනීමට අනිවාර්යෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න. * ඒ අතරතුර ඔබ විදින වේදනාවට සහනයක් ලබාගැනීම සඳහා පමණක් පහත පුරුදු අනුගමනය කරන්න.
* නමුත් කිසිම අවස්ථාවක ඖෂධ වෙනුවට ආදේශක ලෙස මෙම පිළියම් භාවිතා කරන්න එපා. |
රෝග ලක්ෂණ
🔰 පාද වල බර බව.
🔰 මස් පිඬු පෙරලීම.
🔰 පාද වල තුවාල ඇති වීම.
🔰 ඔබේ පාද කළු , නිල් හෝ දම් පැහැති වීම .
🔰 නහර ඉදිමීම.
🔰 නහර ඉලිප්පී කැපී පෙනීම.
🔰 නහර ගැටිති සහිත වීම.
සහනයක් ලබාදෙන පිළියම්.
🔰 පුළුවන් තරම් ලිහිල් ඇඳුම් අඳින්න. ඔබේ ඇඟට තද ඇඳුම් සෞඛ්‍ය තත්වයට හොඳ නැහැ. විශේෂයෙන් ඔබේ ඉඟටිය සහ කකුල් වලට තද බවක් ඇති කරන ඩෙනිම් හෝ වෙනත් තද ඇඳුම් ඇඳීමෙන් රුධිර ප්‍රවාහය සීමා වී වේදනාකාරී varicose නහර ඇති විය හැකියි.
🔰 ඔබේ කකුල් අතර කොට්ටයක් තබා නිදාගන්න. එමඟින් රුධිර සංසරණය වැඩි දියුණු කළ හැකි අතර ඔබේ අත් පා වල කරදරකාරී ඉදිමීම් සහ හිරි වැටීම වළක්වා ගන්නත්, වරිකෝස් නහර නරක අතට හැරීම පාලනය කරන්නත් පුළුවන්.
🔰 වේරිකෝස් නහර වල වේදනාකාරී සංවේදනය අඩු කරන්න කකුල් ඉහළට ඔසවා තබා ගන්න.
🔰 නිතරම අඩි උස පාවහන් පළඳින්න එපා.
🔰 සෝපානය වෙනුවට පඩිපෙළ පාවිච්චි කරන්න.
🔰 ස්නානය කරන වතුරට Epsom ලුණු ස්වල්පයක් එක් කිරීමෙන් ඔබේ වෙහෙසට පත් වූ මාංශපේශීන් වල විඩාව නිවන්න පුළුවන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |