"..දැන් කළ යුතුව තිබෙන්නේ ශක්‍ර දේවයන්ටත් විෂ්ණු දෙවියන්ටත් මේ රටේ ආරක්ෂාව බාරකිරීම.." අස්ගිරි පාර්ශවය රට ගැන කනස්සල්ලෙන්
මෙවන් විනාශකාරී තත්ත්වයකට රට පත් පත් වී ඇත්තේ මහා සංඝරත්නය ලබා දුන් අවවාද අනුශාසනා පාලකයන් නොපිළිපැදීම නිසා බවත් දැන් කළ යුතුව තිබෙන්නේ ශක්‍ර දේවයන්ටත් විෂ්ණු දෙවියන්ටත් මේ රටේ ආරක්ෂාව බාරකිරීම බවත් වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියෝ පැවසූහ.
බුදුරජාණන් වහන්සේටත් නින්දා අපහාස කළා. භික්ෂූන් වහන්සේලා කියන්නේ නින්දා අපහාස විඳ දරාගෙන වැඩකටයුතු කළ හැකි පිරිසක්. උදාර සේවාවන් නුරුස්සන පාපී අදහස්වලින් යුක්ත පිරිස් බොහෝ දෙනා අප අතර ජීවත් වෙනවා.
මනුෂ්‍යයන් කිව්වට සුළු පිරිසකට පමණයි බුද්ධිමත්ව සිතා මතා මේ දේ හොඳයි මේ දේ නරකයි කියා තේරුම් ගෙන කටයුතු කළ හැක්කේ වැඩි දෙනා අන්තගාමීන් හැටියටයි සැලකිය හැකිවෙන්නේ .
අද මෙතන සිටින පුංචි දරුවන් පවා දන්නවා අද අපේ රටට වෙලා තිබෙන විපත්තිය . ඊට හේතුව කුමක්ද කියාත් දන්නවා . ඒ පිළිබඳව අප කණගාටු වෙනවා මිසක් කළ යුතු දෙයක් නැහැ . භික්ෂූන් වහන්සේලා හැටියට අපි ඒ අයට අවශ්‍ය වෙලාවට අවශ්‍ය අවවාද අනුශාසනා සිදුකළා .
නමුත් ඒවා නොතකන බවක් තමයි අපට පෙනෙන්න තිබුණේ. මේ විදිහට ගියොත් මේ රට විනාශ වෙන තැනට පත් වෙනවා . අප ඒ සියලු දේ ඒ අයට තේරුම් කර දුන්නා. නමුත් ඒ අය ඒවා තැකීමක් සැලකීමක් නොකරන බවක් ඉතාම පැහැදිලිව පේනවා .
එම නිසා නොවෙන දේකට නොකෙරෙන දෙයකට කතා කිරීමට ගොස් වැඩක් නොවෙන බව මේ රටේ භික්ෂූන් වහන්සේලා තේරුම්ගෙන තිබෙනවා. දැන උගත් සියලු දෙනා මේ රට පත් වී තිබෙන තත්ත්වය ගැන කනස්සල්ලට පත් වෙනවා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |