අලුත උපන් ඇතැම් බිළිඳියන්ගේ යෝනි රුධිර වහනයක් සිදු වන්නේ ඇයි?

By Wayomi Jul 15, 2022 11:41 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

පළවෙනි වතාවට අම්මා කෙනෙක් වෙන ඔබට විවිධ ගැටළු ඇති වෙනවා. විශේෂයෙන්ම අලුත උපන් බබා ගැන. එයාලගේ පුංචිම වෙනස්කමක් වුණත් ඔබ කලබල වෙන්න, බය වෙන්න පුළුවන්. මේ කියන්න යන්නෙත් අලුත් උපන බිළිඳියක් තුළින් ඇතැම් අවස්ථා වලදී දකින්න ලැබෙන ලක්ෂණයක් ගැනයි.

🟣 උපතින් දින 3-5 පසු අලුත උපන් බිළිඳියගේ යෝනි මාර්ගයේ රුධිරය මිශ්‍ර ශ්‍රාවයක් පිටවිය හැකියි.

🟣 එසේ සිදුවන්නේ මවගේ හෝමෝන ඒ වන විටද අඩු වෙමින් දරුවාගේ ශරීරය තුළ පවතින නිසායි. ගොඩක් දරුවන්ගේ අළු පැහැ මිශ්‍ර ශ්ලේෂ්මල ශ්‍රාවයක් ලෙසද එය දකින්න ලැබෙනවා.

අලුත උපන් ගැහැණු දරුවාගේ ලිංගික අවයව රැකබලා ගැනීම

🟣 ශරීරයේ වෙනත් ඕනෑම කොටසක් පිරිසිදු කරන ආකාරයටම ඇයගේ ලිංගික අවයව පිරිසිදු කරන්න

🟣 යෝනි මාර්ගය අභ්‍යන්තරය ස්වභාවිකව පිරිසිදු වන නිසා ඒ ගැන ඔබ වද විය යුතු නැහැ.

🟣 සබන් අවශ්‍යත් නැහැ. මඳ උණුසුම් ජලයෙන් පමණක් යෝනි ප්‍රදේශය අවට ඉදිරිපස සිට පසුපසට පිස දමන්න. මතක තබා ගන්න යෝනි අවට ඉතා සංවේදී බව.   


බිය විය යුතු අවස්ථා

🟣 බබාගේ යෝනි ආශ්‍රිත ආසාදනයක් පෙන්නුම් කරනවා නම් හෝ දුර්ගන්ධයක් දැනේ නම්,

🟣 තවද අධික රුධිර වහනය හෝ දින කිහිපයකට පසුහ නොනවතින නොයන ලේ ගැලීම දකින්න ලැබෙනවා නම්, බබාව වහාම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වන්න.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW