මට තවම අවුරුදු 20යි, නමුත් දැන්මම මට අම්මා කෙනෙක් වෙන්න සිදු වෙලා-ජනප්‍රිය නිලි වගීෂා (PHOTOS )

By Sithumi Feb 14, 2023 05:27 PM GMT
Report


සල්ගාදු මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ලංවී, දිවිතුරා සහ රාජිණී කියන ටෙලිනාට්‍ය තුන හරහාම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි වගීෂා සල්ගාදු කියලා කියන්නේ. ඒත් එක්කම මේ දිනවල වැඩි ප්‍රේක්ෂක ආදරයක් ආකර්ෂණයක් ලබාගෙන විකාශය වන ටෙලි නාට්‍යයක් වන ලංවි ටෙලිනාට්‍යයේ ඇය රංගනයෙන් දායක වෙන රසාංගා සහ ඉරෝන් මේ වන විට පුංචි තිරයේ ජනප්‍රියම පෙම් යුවළක් බවට පත්ව තිබෙනවා.

ඉතින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා. ඒ වගේම ඇය දැන් රංගනයෙන් දායකවෙලා ඉන්න ලංවී ටෙලි නිර්මාණයේ රසාංගා කියන චරිතය අම්මා කෙනෙක් වෙන්න යන නිසා දැන් ඒකට සූදානම් වෙනවා කියලයි ඇය කියන්නේ. මොකද ඇයට තවම අවුරුදු 20 යි

. නමුත් මේ චරිත රංගනය අවුරරුදු 23, 24 ක වගේ තරුණියකගේ චරිතයක් නිසා ඒක අභියෝගාත්මක චරිතයක් කියලත් ඇය කියනවා. ඉතින් ඇයට ඇයගේ මේ පොඩි වයසට ලැබුණු අභියෝගාත්මක චරිත රංගනයක් තමයි ලංවී ටෙලිනාට්‍යයේ රසංගා කියලා කියන්නෙ. ඒ වගේම දැන් බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ඔවුන් දෙන්නා සැබෑ ජීවිතේ පෙම්වතුන්ද කියලා. ඉතින් ඔවුන් දෙන්නා යාළුවො විතරයි කියලත් වගීෂා කියනවා

. කොහොම නමුත් ගොඩක් දෙනෙක් හිතනවාලු පෙම්වතුන් විදියට රංගනයේ යෙදුනම ඒ දෙන්නා ඇත්තටම ආදරේ කරනවා පෙම්වතුන් බවට පත්වෙනවා කියලා. ඒ ඇගේම ජනප්‍රිය ගායක සනුක වික්‍රමසිංහගෙ අවසන් සටන මියුසික් වීඩියෝව කළාට පසුව තමයි ඇයට ලංවී ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා හඳුනාගෙන ඇයව මේ නිර්මාණයට සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඉතින් ඇය කොහොමත් කලාව අතඅරින්නෙ නැහැ කියලයි වගීෂා නම් කියන්නේ. මොකද ඇය කලාවට හරිම ආදරේ කරන නිසා. ඒ වගේම දැන් කලාව ඇයගේ ජීවිතේම කොටසක් වෙලා නිසා ඒ තුලින් ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery