සීසර්වරු තල්ලුකර, පොහොට්ටුවේ මන්ත්‍රීවරියක් රෝහලට..

Sri Lanka Police Sri Lanka Sri Lanka Podujana Peramuna
By Sewvandhi Dec 01, 2022 09:56 AM GMT
Report

සීසර්වරුන් තල්ලු කිරීම හේතුවෙන් ඇද වැටුණු පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් පැමිණිල්ලක් සිදුකර තිබේ. එනම් වාද්දුව ප්‍රදේශයේ ලීසිං වාරිකය ගෙවීමට ප්‍රමාදවීම හේතුවෙන්  යතුරු පැදිය රැගෙන යාමට පැමිණි සීසර්වරුන් ඇයව තල්ලු කර බවයි සඳහන් වන්නේ.

කළුතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීනී ලසන්ති හේමමාලා මහත්මිය විසින් කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භකර ඇතැයි පොලිසිය කීය. පැමිණිලිකාර මන්ත්‍රීවරිය ෆිනෑන්ස් සමාගමක් හරහා යතුරුපැදියක් ලබාගෙන ඇති අතර කොරෝනා කාලසීමාවේ වාරික කිහිපයක් ගෙවීම මගහැරී තිබී ඇත.

එම වාරික වෙනුවෙන් වැඩි පොලී මුදලක් එකතුකොට එම මුදල ගෙවන ලෙස ඇයට දැනුම් දී ඇතැයි සඳහන් වේ. දඩ මුදල් එකතුකිරීම හේතුවෙන් හිඟ වාරික ගෙවීම පැමිණිලිකාර මන්ත්‍රීවරිය පැහැර හැර ඇති බැවින් ඊයේ (30) පස්වරුවේ සීසර්වරුන් හත් දෙනෙකු පැමිණ යතුරුපැදිය රැගෙන යාමට උත්සාහ කළවිට මන්ත්‍රීවරිය ඊට විරෝධය පළකිරීමේදී ඇය තල්ලුකර ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇති බව පොලීසිය පැවසීය. ඇය මේ වනවිට රෝහල්ගත වී සිටින්නීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now