කෝටි හයකට ආසන්න පොල්තෙල් ලබාගත්, ඌවතැන්නේ සුමන හිමි රිමාන්ඩ්..!
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
අද දින (14) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුට රත්නායක මහතා හමුවට ඉදිරිපත් කළ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් ලබන 22 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, දෙමටගොඩ පිහිටි පොල් තෙල් අලෙවි සමාගමකින් රුපියල් කෝටි 06ක ආසන්න වටිනාකමක් ඇති පොල්තෙල් ලබාගෙන ඒ වෙනුවට අගරු චෙක්පත් ලබාදි වංචාවක් කල බවට චෝදනා එල්ලවීම හේතුවෙනුයි.
අදාළ පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස පෙනි සිටිමින් රුපියල් පන්කෝටි 88 ලක්ෂයක් වටිනා පොල්තෙල් කිලෝ 84200ක් ලබාගෙන ඒ වෙනුවට අගරු චෙක්පත් ලබා දී ඇති බවට උන්වහන්සේට එරෙහිව පැමිණිලි කර තිබුණා.
ඒ අනුවයි පසුගිය 08 වනදා පුජ්‍ය ඌවතැන්නේ සුමන් හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර අද දිනය දක්වා රක්ෂිත බන්ධානාගර ගත කර තිබුණේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |