වොෂින් මැෂින් එකේ ආයු කාලය වැඩි කරන Tips.

By Wayomi Jul 21, 2022 11:40 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ඉස්සර වගේ අතේ රෙදි සෝදනවා අඩුයි. හැම ගෙදරකම වගේ දැන් වොෂින් මැෂින් එකක් පාවිච්චි කරනවා. හැබැයි සමහරුන්ට වොෂින් මැෂින් එකක් අවුරුදු දෙක තුනක් පාවිච්චි කරන්න අමාරුයි. ඒවා දිරන්න ගන්නවා.ඉක්මනට කැඩෙන්න ගන්නවා. මේ හැමදේටම මුල නිවැරදිව වොෂින් මැෂින් එකක් පාවිච්චි කරන්න දන්නේ නැති එක. අන්න ඒ නිසා මේ කියන්න යන්නේ වොෂින් මැෂින් එකක් නිවැරදි ආකාරයට පරිහරණය කරන්නේ කොහොමද කියලා.

🔷 වොෂින් මැෂින් එකක් හිරවෙලා, කැඩෙන්න ලොකුම හේතුව තමයි ඇදුම් වල, සාක්කු වල තියෙන කාසි, හැට්ටකටු, කොණ්ඩකටු පෙන් ඩ්‍රයිව්, ලයිටර්, හෙඩ්සෙට් වගේ වයර්, ලෝහ, ටිෂු,ප්ලාස්ටික් වගේ දේවල් එක්කම සේදීම. ඒ නිසා මැෂින් එකට රෙදි ටික දාන්න කලින් ඇඳුම් චෙක් කරලා අනවශ්‍ය කෑලි බෑලි ඉවත් කරන්න.

🔷 වොෂින් මැෂින් එක overload කරන්න එපා. ඔබ ගාව තියෙන වොෂින් මැෂින් එකට දාන්න පුළුවන් ධාරිතාවට පමණක් රෙදි දාන්න. බරින් වැඩි, ඝනකම වැඩි, දැවැන්ත බෙඩ්ෂීට්, කාපට් එහෙම වොෂින් මැෂින් එකෙන් සෝදනකොට පොඩ්ඩක් බලන්න. මොකද, සමහර වෙලාවට එක බෙඩ්ෂීට් එකක් වුණත් බර වැඩි නම් වොෂින් මැෂින් එකට සෝදන්න අපහසුයි. Overheat වෙන්නත් පුළුවන්.

🔷 වොෂින් මැෂින් එකට දාන වොෂින් පව්ඩර් එකේ සහ ලික්විඩ් වල නිවැරදි ඩෝස් එක ගැන දැනගෙන දාන්න. බෝතලේ හෝ පැකට් එකේ ගහලම තියෙනවා පාවිච්චි කරන්න ඕන ප්‍රමාණය. ඒවා වැඩිපුර දැම්මට හොඳට සේදෙන්නේ නැහැ. රෙදි දිරනවා. ඒ වගේම වොෂින් මැෂි එකේ බට වලට, වොෂින් මැෂින් එකේ මෝටරේට පවා හානි වෙන්න පුළුවන්.

🔷 ඒ වගේම තමයි ඇදුම් කෑලි දෙක තුනක් විතරක් දාලා කරකලා වෙලලා ගන්න එපා. කරන්ට් එකයි, කැරකෙන වෙලාවයි අපතේ යන එක විතරි වෙන්නේ.

🔷 සාමාන්‍යයෙන් සතියකට හෝ දවස් 5කට සැරයක්වත් වොෂින් මැෂින් එක පිරිසිදු කරන්න. පිරිසිදු වියළි රෙදි කෑල්ලක් අරගෙන, වොෂින් මැෂින් එකේ ඩ්‍රම් එක ඇතුළත හොඳින් පිහන්න. ඇතුලේ ඩ්‍රම් එක ඇතුලේ දෙපැත්තේ කුණු රැදෙන කෑලි නිතිපතා පිරිසිදු කරන්න. වොෂින් පවුඩර් දාන කෑල්ල පිරිසිදු කරන්න.

🔷 රෙදි ටික වොෂ් කරලා ඉවර වුණු ගමන් වොෂින් මැෂින් එකේ පියන වහන්නෙ නැතුව, පොඩ්ඩක් ඇරලා තියන්න. වේලෙන්න දෙන්න.

🔷 කැරපොත්තො, හූනෝ, මීයෝ වැඩිපුර ගැවසෙන තැන් වල වොෂින් මැෂින් එක තියන්න එපා.

🔷 මාස හයකට සැරයක් විතරවත්, වොෂින් මැෂින් එකට හොඳ සර්විස් එකක් දෙන්න. හැබැයි ඒක අපිට පුහුණුවක් නැතුව තනියම කරන්න බරින් නිසා ඊට අදාළ කාර්මික ශිල්පියෙක්ගේ සහය ලබාගන්න.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW