ඔබත් Hands Free දෙකක් පාවිච්චි කරනවනම් බලාගෙන..මරණයට පත්වෙන්න පවා පුළුවන්..
ආරච්චිකට්ටුව බංගදෙනිය වෙහෙරකැළේ නිවෙසක Hands Free දෙකක් පාවිච්චි කරමින් නින්දට ගිය තරුණයකු නිදියහනේම මියගිය අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව බංගදෙනිය වෙහෙරකැළේ පදිංචි විජයසූරිය ගුණවර්ධන මහවඩුගේ හසිත් සඳරුවන් පෙරේරා නැමති 21 හැවිරිදි තරුණයෙක් බවයි පැවසෙන්නේ.
පියා එලවලු ගොවිතැන් කටයුතුවල යෙදෙන අතර මරණකරු ඔහුගේ එකම සොහොයුරා එකතුව හයිබ්‍රිඩ් රථවාහන අලුත් වැඩියා කිරීමේ ව්‍යාපාරයක යෙදී ඇති බවයි වාර්තා වන්නේ.
ඔහුගේ සහෝදරයා විසින් පොලීසියට ලබාදුන් කටඋත්තරයේ සඳහන් වන්නේ, සිද්ධිය වූ දින අලුම මවත් පියාත් උදෙන්ම එලවලු කොටුවට ගොස් ඇති අතර මල්ලි උදේ 7. 30 පසුවන විටත් නැගිට නැති හෙයින් කතා කළත් ප්රතිවාර නොදැක්වීම හේතුවෙන් ඇතුලතින් දමා තිබූ අගුලු කඩා කාමරයට ඇතුලුවන වන විට සිය මල්ලි ටෙලි පෝනයට සම්බන්ධ හෑන්ඩ්ප්රී එකද කනේ ගසාගෙනම නිදා සිටි බවයි.
අනතුරුව මව්පියන් කොරටුවෙන් ගෙන්වා ගෙන අසල්වාසීන්ගේද උපකාර ඇතිව තරුණයා ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුලත් කරත් ඒවන විටත් තරුණයා මරණයට පත්ව සිටිබවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.
මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩිදුර පරීක්ෂණය හලාවත පොලීසිය විසින් සිදුකරනු ලබයි.
පහත වීඩියෝව ඔයාල හැමෝටම වැදගත් වෙයි,