චීනය ඇතුළු රටවල් 14කට අමෙරිකාවෙන් නව තීරුබදු

Donald Trump China Latest Headlines Sinhala news Trump tariff
By R.rishma Nov 25, 2026 02:13 PM GMT
Report

චීනය, ඉන්දියාව සහ යුරෝපා සංගමය ඇතුළු ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් 14ක් සඳහා නව තීරුබදු පැනවීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.

ඒ අනුව සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, කාම්බෝජය, තායිලන්තය, දකුණු කොරියාව, වියට්නාමය, තායිවානය, බංග්ලාදේශය සහ ජපානය ඇතුළු රටවලට ද මෙම තීරුබදු අදාළ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම රටවල් අතරින් චීනයට 40%ක් දක්වා ඉහළම තීරුබදු අනුපාතයකට මුහුණදීමට සිදුවනු ඇති බව ද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.