ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක් ළඟ තියෙන ඔබට වැදගත් පුවතක් - මිල අඩු වීමක් ගැන අලුත්ම විස්තරේ

Viral Video LAUGFS Gas PLC Laugfs Gas Price Latest Headlines Sinhala news
By Aylin Zoya Nov 17, 2026 03:48 AM GMT
Report

ලාෆ්ස් ගෑස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බව වාර්තා වනවා.

පාරිභෝගික කටයුතු කොමිසම සහ ලාෆ්ස් ගෑස් සමාගමේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවේදී මිල අඩු කිරීම සම්බන්ධයෙන් මෙලෙස ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ගෑස් මිල අඩු කිරීම පිළිබඳව සමාගම මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

මේ අතර, පාරිභෝගික කටයුතු කොමිසම අවධාරණය කර ඇත්තේ ලාෆ්ස් ගෑස් සමාගම පාරිභෝගිකයින්ට අඛණ්ඩව ගෑස් සැපයීම සිදු කළ යුතු බවයි. එසේ සැපයුම් පවත්වාගෙන යාමට නොහැකි වුවහොත් හිස් ගෑස් සිලින්ඩර වෙනුවෙන් ද පාරිභෝගිකයින්ට මුදල් ගෙවීමට සිදුවන බව කොමිසම පෙන්වා දී තිබෙනවා. 

මෑතකදී ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම සහ වෙළඳපොළ තුළ අඛණ්ඩ ගෑස් සැපයුමක් පවත්වාගෙන යාමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා සමාගමේ නියෝජිතයින් ඊයේ (16) පාරිභෝගික කටයුතු කොමිසම වෙත කැඳවා තිබුණා.

එහිදී අදහස් දක්වමින් සමාගමේ නිලධාරීන් පවසා ඇත්තේ වෙළඳපොළ තුළ ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින පසුබිමක පසුගිය 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට සමාගම පියවර ගත් බවයි.

කෙසේ වෙතත්, මිල අඩු කිරීමක් සිදුවන්නේද සහ එය ක්‍රියාත්මක වන දිනය කවදාද යන්න පිළිබඳව මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදුකර නැහැ.