වසන්ත මුදලිගේ ඝාතනය කරන බවට තර්ජනය කර, වන්නිලඇත්තන්ට ලිපියක්..!

Sri Lankan protests Sri Lanka Inter University Students Federation Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Oct 08, 2022 02:24 PM GMT
Report

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඝාතනය කරන බවට සඳහන් නිර්නාමික ලිපියක් ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ට ලැබී තිබේ.

ශිෂ්‍ය ක්‍රියාකාරී වසන්ත මුදලිගේට එරෙහිව ක්‍රියාත්මක දඬුවම සම්බන්ධයෙන් යළිත් වරක් සිතාබලන ලෙසට මාධ්‍ය වෙත මීට පෙර පැවසූ ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ට පසුගිය 4 වනදා එම ලිපිය ලැබී තිබේ.

එම ලිපිය වසන්ත මුදලිගේ ගේ සහෝදරයා අද (08) මාධ්‍යයට අනාවරණ කළේය.

අනුර මුදලිගේ,

"පෙති ගහලා මරණවා කියලා තියෙනවා. වන්නිලඇත්තන්ට කියලා තියෙනවා පෙනී ඉන්න එපා කියලා. ලියුම කුරුණෑගලින් ඇවිල්ලා තියෙන්නේ."

මේ අතර කිසිදු ත්‍රස්ත චෝදනාවක් නැති බවට දින 50කට පසු ඊයේ මුදාහැරි හෂාන් ජීවන්ත ද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වුණි. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ හෂාන් රැඳවුම් නියෝග මත දින 50ක් තිස්සේ තමන් මුහුණ දුන් අත්දැකීම් පැහැදිලි කළේය.

හෂාන් ජීවන්ත,

"අරන් ගියාට පස්සෙ නවගමුවේ පන්සලේ පිටිපස්සේ නැවැත්තුවේ. ගෙවල් කිහිපයක් පෙන්නලා ඇහුවා දන්නවද කියලා. ගැහුවද කියලා අහනවා.. නෑ කියනවා. වසන්තත් හිටියේ නැහැ මාත් එක්ක."


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now