ත්‍රිපෝෂ වල පිළිකාකාරක පළමු වරට හෙළි කළ PHI ලොක්කාට වැඩ වරදී..(VIDEO)

Keheliya Rambukwella Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Sep 23, 2022 09:52 AM GMT
Report

ගැබිනි කාන්තාවන්ට සහ කිරිදෙන මව්වරුන්ට රජයෙන් නොමිලේ ලබාදෙන ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් විෂකාරකය නියමිත ප්‍රමාණය ඉක්මවා අඩංගුව තිබූ බව නාගොඩ ජාතික සෞඛ්‍ය විද්‍යායතනය පරීක්ෂණ වාර්තා 06කින් මීට පෙර සනාථ කර තිබුණි. සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ද එම වාර්තා සනාථ කරමින් ප්‍රකාශ කළේ, ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් අඩංගු බවට මීට මාස කිහිපයකට ඉහත දී කරන ලද පරීක්ෂණවලින් තහවුරු වූ බවය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සඳහන් කළේ, ඇෆ්ලටොක්සින් අඩංගු බවට හඳුනාගත් ත්‍රිපෝෂ මව්වරුන් අතට පත් නොවූ බවය. මෙවැනි පසුබිමක රජය විසින් ලබාදුන් ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් විෂකාරකය අඩංගු බවට පළමුවරට මාධ්‍යයට අනාවරණ කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාව අද (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ වැටලීම් ඒකකයට කැඳවා තිබුණි.

ඒ, ඔහු සිදුකළ ප්‍රකාශය පිළිබඳව පැවැත්වෙන විමර්ශනයකට අදාළවය. පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර අවශ්‍ය නීතිමය පියවර ගනු ඇතැයි බලාපොරොත්තු බවන බවය.



 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now