මෙරට අද සිට ඇරඹුණ අලුත්ම වෙනස..
                                    
                    Technology
                
                                                
                    Latest Headlines
                
                                                
                    Decision Making
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයින් සඳහා QR කේතය මඟින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත (UPI) හරහා ගෙවීම් කටයුතු සිදු කිරීමේ ක්‍රමය හඳුන්වාදීම සිදුකෙරිණ.

ඒ අද (12) මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ය.
NPCI International Payments Limited සහ ශ්‍රී ලංකාවේ LankaPay පුද්ගලික සමාගම ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම වැඩසටහන වේගයෙන් ව්‍යාප්ත කිරීම ඉලක්ක කර ගනිමින් වෙළඳසැල් 10,000ක මෙම ගෙවීම් ක්‍රමය ක්‍රියාවට නැංවීම මේ හා සමගාමීව සිදු කළේ ය.
කෙසේ වෙතත්, මෙම පහසුකම තවදුරටත් පුළුල් කරමින්, 2024 මාර්තු මාසය වන විට මෙම වෙළඳසැල් සංඛ්‍යාව 65,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිත බවට සඳහන් වේ.
 
                 
                 
                                             
     
        
     
     
     
     
    