පල්ලන්සේන එළිමහන් සිරකඳවුරේ නොසන්සුන්තාවක්
Department of Prisons Sri Lanka
Law and Order
Prisons in Sri Lanka
Prison
Sinhala news
By R.rishma
මීගමුව, දළුපොත ප්‍රදේශයේ පිහිටි පල්ලන්සේන එළිමහන් සිරකඳවුරේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.
වාර්තා වන ආකාරයට, රැඳවියන් පිරිසක් සිරකඳවුරේ වහළ මතට නැග විරෝධතාවක නිරත වී සිටින බව සඳහන් වේ.
ඉකුත් මාසයේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් අනතුරුව එහි රැඳව සිටි රැඳවියන් පිරිසක් පල්ලන්සේන එළිමහන් සිරකඳවුර වෙත මාරු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.