තාක්ෂණ සිසුවා විශ්ව විද්‍යාල ගොඩනැගිල්ලේ තෙවැනි මහලෙන් වැටී අවසන් ගමන් යයි.

Sri Lanka Police Sri Lanka Police Investigation Death
By krishani Aug 18, 2023 02:25 PM GMT
Report

හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක තෙවන මහලෙන් බිමට වැටී බරපතළ තුවාල ලැබූ තොරතුරු තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු මියගොස් තිබෙනවා.

ඒ හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි.

මේ බව කහතුඩුව පොලිසිය සඳහන් කළේ ය.

මෙසේ මියගොස් ඇත්තේ රිකිල්ලගස්කඩ පදිංචි ඩබ්ලිව්.පී. විතාන ආරච්චි නමැති (24) හැවිරිදි සිසුවෙක් ය.

මෙම සිසුවා බාහිර පුද්ගලයකු සමඟ නේවාසිකාගාරයේ කාමරයක රැඳී සිට ඇති අතර ඊයේ (17) රාත්‍රි ඔහු සමග නේවාසිකාගාරයෙන් බැහැරට ගොස් රාත්‍රී එකට පමණ යළි කාමරයට පැමිණ දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුව ඇතැයි ද තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

- සිතුමි -