එජාප තනතුරුවලට කුමක් වෙයි ද?. තීරණය මෙන්න..
අද (12) එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම කමිටුව තීරණයකට පැමිණ තිබෙනවා.
ඒ එක්සත් ජාතික පක්ෂයේ කිසිඳු තනතුරක් වෙනස් නොකළ යුතු බවටයි.
එහිදී මධ්‍යම කමිටුවට සහභාගී වූ පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස වූයේ එක්සත් ජාතික පක්ෂය ටිකෙන් ටික ඉදිරියට ගෙන ඒමට පක්ෂයේ වත්මන් නායකයින් ඉතා උනන්දුවෙන් දර දිය ඇද කටයුතු කර ඇති හෙයින් ඉදිරි වැඩ කටයුතු ද එම නායකයන්ට කරගෙන යාමට ශක්තිය ඇති බවයි.
අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පක්ෂ මධ්‍යම කමිටුව රැස් විය.
එහිදී හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට පක්ෂ නියෝජ්‍ය නායක ධුරය හෝ මහ ලේකම් ධුරය ලබා දිය යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවක් ද මධ්‍යම කමිටුවේ සාකච්ඡාවට බඳුන් විය.
එමෙන්ම වර්තමානයේ පක්ෂ තනතුරුවල කිසිදු වෙනසක් ඇති කිරීමේ අවශ්‍යතාවයක් නැති බව පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ නායක,මහලේකම් සහ සභාපති තනතුරු හැර සෙසු සියලු තනතුරු අහෝසි කර නායකත්ව මණ්ඩලයක් ඇති කළ යුතු බවට මීට පෙර යෝජනාවක් පැමිණියේ ය.
නමුත් එම යෝජනාව ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොවන බව ඊයේ පැවති මධ්‍යම කමිටුවේ දී තීරණයකට එළැඹ ඇත.