බ්‍රිතාන්‍ය කිරීටයෙන් තවත් රටක් ඉවත් වීමට සැරසේ

United Kingdom Queen Elizabeth II King Charles III
By Sewvandhi Sep 12, 2022 11:05 AM GMT
Report

ඇන්ටිගාව, ජනරජයක් වී තෙවැනි චාල්ස් රජු සිය රටේ රාජ්‍ය නායකයා ලෙස පවතින තත්ත්වයෙන් ඉවත්කරන්නේ ද යන්න පිළිබඳව ජනමතවිචාරණයක් පවත්වා මීළඟ වසර කිහිපය තුළදී තීරණය කරන බව එරට අගමැතිවරයා පවසයි.

අන්ටිගාව 1981දී බ්‍රිතාන්‍යයෙන් 1981දී නිදහස ලැබීය. නමුත් ඔවුන් තවමත් බ්‍රිතාන්‍ය රජ/රැජින සිය රාජ්‍ය නායකයා ලෙස සලකයි. තවත් එවැනි රටවල් 13ක් තිබේ.

තෙවැනි චාල්ස් රජු සිය රටේ රාජ්‍ය නායකයා ලෙස තහවුරු කිරීමෙන් අනතුරුව පසුගිය සෙනසුරා, ඇන්ටිගාවේ අග්‍රාමාත්‍ය ගැස්ටන් බ්‍රවුන් පැවසුවේ සිය ජනතාවගේ තීරණය දැනගැනීම සඳහා එළඹෙන වසර තුන තුළදී ජනමතය විමසන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now