ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කවුන්සිලයට ආ විශේෂ වාර්තාව
ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව අද (12) ජගත් සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයට ඉදිරිපත් කළා. එය ස්වීස්ටර්ලන්තයේ ජිනීවා හී දී ආරම්භ වුණේ, මෙරට වේලාවෙන් අද දහවල් 12යි 30ට පමණ.
එහි දී ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවේ, නියෝජ්‍ය මහ කොමසාරිස් ධූරයේ කටයුතු කරන, වැඩබලන මානව හිමිකම් කොමසාරිස් නාඩා අල් නෂීෆ් විසින්.
එම වාර්තාවෙන් ඇය පෙන්වාදෙන්නේ, මානව හිමිකම් ප්‍රවර්ධනයට සහ සංහිඳියාව ඇති කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡාව ඇති කිරීමට කැපවී කටයුතු කරන ලෙස තමා නව රජය ධෛර්යමත් කරන බවය. එසේම ආයතනික වශයෙන් වෙනස්කම් සිදුකිරීම, ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ආරක්ෂක අංශ වල ප්‍රතිසංස්කරණ වැදගත් බවත් ඇය පැවසුවාය.
විශේෂයෙන්ම වැරදිකර ඇති අයට නිසි දඬුවම් ලබාදීම සඳහා ප්‍රධාන වශයෙන් වැදගත් වන ආයතන වල ස්වාධීනත්වය ඇතිකළ යුතු බවද නශීෆ් සභාගත කළ වාර්තාවේ සඳහන් වෙයි.
විශේෂයෙන්ම අගෝස්තු 18 වනදා ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම සඳහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදාගැනීම කනගාටුවට කරුණක් බව ඇය පැවසුවාය.ඇය එහි දී කරුණු දැක්වූ අතර අනතුරු ව සැසිවාරයට එක් ව සිටින අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්‍රි ද අදහස් පළ කළා.
එහි දී විදේශ අමාත්‍ය අලි සබ්රි පැවසුවේ 46/1 යෝජනාව, ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ස්වෛරීභාවය උල්ලංඝනය කරන බව යි. එසේ ම්න මහ කොමසාරිස්වරයාගේ යෝජනාව සහ නිර්දේශ පිළිබඳ පසු විපරම් ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කිරීමට බල කරන බැවින් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඔහු පවසනවා.